මෙරට දී හඳුනා ගනු ලැබූ නව බ්‍රිතාන්‍යය කොවිඩ් වයිරස ප්‍රභේදය ආසාදනය වූ බවට වාර්තා වී ඇත්තේ සයිප්‍රසය,ජෝර්දානය සහ ඩුබායි යන රටවල සිට මෙරටට පැමිණි පිරිස සහ ඔවුන්ගේ සමීපතමයන්ට බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් සිදුකළ පර්යේෂණයේදී බ්‍රිතාන්‍යයේ සහ යුරෝපයේ ව්‍යාප්ත වෙන මේ කොවිඩ් ප්‍රභේදය මෙරට පුද්ගලයින් 16 ට ආසාදනය වී ඇතිබව තහවුරුවී තිබෙනවා.
නව කොවිඩ් ප්‍රභේදය සහ රටේ ඉදිරි කටයුතු කෙසේ සිදුවිය යුතුද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිහිටුවා ඇති තාක්ෂණික කමිටුව සහ කොවිඩ් මර්දන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පත් කර ඇති ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට සම්බන්ධ විශේෂඥ තාක්ෂණික කමිටුව විසින් කරුණු සොයා බලා ජනාධිපතිතුමා සමඟ සාකච්ජා කොට තීරණයක් ගන්නා බව යුද හමුදාපතිවරයා එහිදී අවධාරණ්‍ය කළේය.