Header Ads

උණුසුම් පුවත්

චීනයට දෙන්න හදන ශ්‍රී ලංකවේ විදුලි ව්‍යාපෘති 3 ඉන්දියාව ඉල්ලයි


චීනයට ලබාදීමට තීරණය කර ඇති සූර්ය බල විදුලි ව්‍යාපෘති 3තමන්ට ලබදේන ලෙස ඉන්දියා ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 12ක් (රුපියල් කෝටි 228ක) ශ්‍රී ලංකාවට ලබාදීමට සූදානම් බවත් ඉන්දියාව දැනුම් දී ඇති බව සඳහන්.

කෙවෙ වෙතත් මෙම ඉල්ලීම පිළිබඳව විදුලි බල අමාත්‍යාංශය මෙතෙක් නිල වශයෙන් ප්‍රතිචාරයක් දක්වා නොමැතිබවයි වාර්තා වන්නේ.

ආසියානු සංවර්ධන බැංකුවෙ ආධාර ලබන චීන සමාගමක් වෙත මෙම සූර්ය බලශක්ති විදුලි ව්‍යාපෘති තුන ලබාදීම සඳහා පසුගිය මාසයේ දී කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

උතුරු මුහුදේ ඩෙල්ෆ්ට්, අනලතිව් සහ නයිනතිව් යන දූපත් තුනේ ජනතාවට විදුලිය සැපයීම සඳහා මෙම විදුලි ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඉන්දියාවට ආසන්නයෙන් පවතින මෙම දූපත්වල චීන සමාගම් ක්‍රියාත්මක වීම කෙරෙහි ඉන්දියාව මේ වන විටත් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ශ්‍රීලංකාවට සිය කනස්සල්ල පළකර ඇති බව සඳහන්.