Header Ads

උණුසුම් පුවත්

නොමිලේ ලබාදෙන සංචාරක අවසර පත්‍රය සඳහා මුදල් අය කළ අයට වැඩ වරදී

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන් ප්‍රවාහනයට නොමිලේ ලබාදෙන ‘Safe and security’ සංචාරක අවසර පත්‍රය නිකුත් කිරීමට රුපියල් 2000ක් අයකර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශණයක් පවත්වන්නැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (14) සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.

සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ, අදාළ සංගමය විසින් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ඔස්සේ එම සහතිකය ලබා දීම සඳහා සංචාරක සංවර්ධන අධිකාරිය තමන්ට අවසරය ලබාදී ඇති බවත් ඒ අනුව එම සහතිකය ලබා ගැනීමට අදාළ සංගමය් සාමාජිකත්වය ලබාගැනීම අනිවාර්ය බවත් ඒ සඳහා රුපියල් 2000ක මුදලක් අවශ්‍ය බවත් සඳහන් කරමින් දැන්වීමක් පල කර තිබූ බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙනවා.

ඒ අනුව එවැනි බලපත්‍ර ලබාදීම සඳහා කිසියම් සංවිධානයකට අවසර ලබා දී ඇත්නම් එය වහාම අත්හිටුවා, විමර්ශනයක් සිදු කර වාර්තාව තමන්ට ලබදෙන ලෙස අමාත්‍යවරයා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.