හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 43 වැනි නවම් මහා පෙරහැර ඉතා අලංකාරවත් ලෙස ඊයේ (26) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණා.
සධාතුක කරඬුව හස්ති රාජයා මත තැන්පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කළ අතර එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලනඥයින් පිරිසක්ද එක්ව සිටියේය.
උඩරට, පහතරට, සබරගමු නර්ථනාංග රැසකින් මෙන්ම අලි ඇතුන්ගේ ද සහභාගීත්වය මෙවරත් නවම් මහා පෙරහැර අලංකාරවත් කර තිබුණි.
පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි ගංගාරාම විහාරවාසී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන්ගේ අධික්ෂණය යටතේ පෙරහැර සංවිධානය කර තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කලේය.






