කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තවීමේ අධි අවදානමක් සහිත ග්‍රාම නිලධාරී වසම්වල සිටින අවුරු දු 30 සහ ඊට වැඩි සියලුදෙනාට කොවිඩ් එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, ඊයේ (26) සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ට එන්නත් ලබාදීම ආරම්භ කළ බව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ් අමාත්‍යාංශය දන්වා සිටියා.
එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු අධි අවදානමක් සහිත ග්‍රාම නිලධාරී වසම් හඳුනා ගන්නා ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා බස්නාහිර පළාතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට සහ කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාට දැනුම්දී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.




