මේ වසරේ අපනයන ආදායම වැඩි කිරීමට සැලසුම්


මේ වසරේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 13ක් දක්වා වැඩි කිරීමට රජය අපේක්ෂා කරන බවත්, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ විවිධ අමාත්‍යවරු යොදවා ඇති බවත්, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි.

වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්ති සහ රාජ්‍ය ණය සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා මුදල් අමාත්‍යංශයේ 25දා පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා මේ බව පැවසීය.

එහිදී මැණික් ක්ෂේත්‍රය විශේෂයෙන් ඉලක්ක කළ ක්ෂේත්‍රයක් බවත්, වෙළඳපොලක් නොමැති වීම නිසා බොහෝ රටවලට මැණික් මේ දක්වා ශ්‍රී ලංකාවේ අපනයනය වී ඇත්තේ තායිලන්තයේ බැංකොක් මැණික් වෙළඳපොලෙන් බවත්, මෙරට වෙළඳපොලක් ඇතිකිරීම හරහා අමෙරිකානු ඩොලර් බිලියන එකක පමණ ආදායමක් මෙරටට අපේක්ෂා කරන බවත්, පසුගිය වසරේ මැණික් අපනයනයෙන් මෙරටට ලැබුණේ අමෙරිකානු ඩොලර් මිලියන තුන් සියයක් පමණක් බවත්, අමාත්‍යවරයා එහිදි පෙන්වාදුනි.

වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ මැණීක් වලින් මෙරටට වඩා තායිලන්තය විශාල ආදායමක් උපයන බවත්, මෙම වසරේ සිට මැණික්වල සමස්ත ආදායම මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත්, ඒ අනුව මැණික් අපනයනයේදී තිබූ බාධා ඉවත්කර බද්ද ඉවත් කර තිබෙන බවත්ය. මිට අමතරව සේවා සැපයීම සහ සංචාරක කර්මාන්තය හරහා විශාල ආදායමක් ලබාගැනීමට රජය අපේක්ෂා කරන බවත්, ඒ අනුව එම ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන හයක් ඉක්මවන බවත්, 2018 වර්ෂයේදී සංචාරක ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක් පමණ වූ බවත් පසුගිය වසරේ සහ 2019 වසරේ සිදුවීම් හරහා එම ආදායම ලබාගැනීමට තමන්ට නොහැකි වූ බවත්, අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

එමෙන්ම තොරතුරු තාක්ෂණය, උපදේශන සේවාව, හරහා අමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් පමණ ආදායමක් ලබාගැනීමට හැකිවෙතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. එමෙන්ම පුහුණු ශ්‍රමිකයන් හරහාද විදේශ ආදායම ලබාගැනීමට අපේක්ෂා කරන බවත්, ඒ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යංශය සමඟ එක්ව පුහුණු කටයුතු ආරම්භ කර ඇති බවත්, ඒ අනුව අනාගතයේදී මෙරටෙන් විදේශ රටවල යන ශ්‍රමිකයන්ට රැකවරණයක් සමඟ සාර්ථකව කටයුතු කිරීමට හැකියාවක් ඇති බවත්, එමගින් වඩා හොඳ විදෙස් ආදායමක් ලබාගැනීමට හැකිවනු ඇති බවත්, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

එමෙන්ම වරාය නගරය හා හම්බන්තොට ආයෝජන කලාපය හරහා විදෙස් ආයෝජන ලබාගැනීමට තම රජය කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: මේ වසරේ අපනයන ආදායම වැඩි කිරීමට සැලසුම්
මේ වසරේ අපනයන ආදායම වැඩි කිරීමට සැලසුම්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQ39gOMSGQzU0Swt8dW8dfNBoaNWB6lgDM9MnudjXxkgNQMxa0sfrWZk1qkaNseBChmZqS1VzROLXno1q4xLUhb7lJxJEr5EVFp9cnzvbjLuUr03ktQplPjPD_r98f6HX4BUr4K0FzdXo/s16000/download+%25285%2529.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQ39gOMSGQzU0Swt8dW8dfNBoaNWB6lgDM9MnudjXxkgNQMxa0sfrWZk1qkaNseBChmZqS1VzROLXno1q4xLUhb7lJxJEr5EVFp9cnzvbjLuUr03ktQplPjPD_r98f6HX4BUr4K0FzdXo/s72-c/download+%25285%2529.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/02/blog-post_152.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/02/blog-post_152.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content