Header Ads

උණුසුම් පුවත්

පාසලක පිරිමි සිසුන් 72 කගේ සියළු ඇඳුම් ගලවා ඔවුන්ව පරීක්ෂා කිරීම ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්


යාපනය වලිකාමම් අධ්‍යාපන කලාපයේ පාසලක පිරිමි සිසුන් 72 කගේ සියළු ඇඳුම් ගලවා ඔවුන්ව පරීක්ෂා කිරීමට ගුරුවරු පිරිසක් කටයුතු කොට ඇති බවටත්, එසේ කිරීම ප්‍රතික්ෂේප කළ ළමුන්ට තාඩන පීඩන එල්ල කළ බවටත්, සිසුන්ගේ දෙමව්පියන් පිරිසක් යාපනයේ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කර තිබෙනවා.

මෙම පාසලේ 11 වෙනි ශ්‍රේණියේ සිසුන් කීපදෙනෙකු සිරුරේ පච්ච කොටා ඇති බවට ගුරුවරුන්ට ලැබුණු තොරතුරක් මත මේ ක්‍රියාව සිදු කොට ඇතත් ඔවුන්ගේ සිරුරු වල තිබී කිසිදු පච්ච සලකුණක් හමු වී නොමැති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

මේ ක්‍රියාව සම්බන්ධයෙන් විරෝධය පලකොට මානව හිමිකම් කොමිසමට පැමිණිලි කල දෙමව්පියන් මේ සම්බන්ධයෙන් යාපනය කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙතද පැමිණිලි කර තිබුණා.