කොළඹ වරායේ යෝජිත බටහිර පර්යන්තය සම්බන්ධයෙන් ආයෝජනය සඳහා ඉන්දියාවෙන් හා ජපානයෙන් යෝජනා ඉදිරිපත්ව ඇතැයි වරාය අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා ප්‍රකාශ කළා.
එහි ආයෝජනය පිළිබඳ ඉදිරි පියවර සාකච්ඡා කිරීමට කැබිනට් සාකච්ඡා කමිටුව අද පළමු වරට රැස්වන බවයි ඔහු සඳහන් කළේ .
කමිටු වාර්තාව කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
වරාය හා නාවුක අමාත්‍යාංශයේ ලේකම් යු.ඩී.සී. ජයලාල් මහතාගේ ප්‍රධාන්තවයෙන් රැස්වෙන එම කමිටුවට සාමාජිකයින් 7ක් ඇතුළත්.
කොළඹ වරායේ විශාලතම පර්යන්තය ලෙස සැලකෙන යෝජිත බටහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම සිදුවිය යුත්තේ කැබිනට් අනුමැතියකින්.
යෝජිත බටහිර පර්යන්තය හෙක්ටයාර 64ක වපසරියක ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර මීටර් 1400 ක දිගින් යුත් දියකඩනයකින් ද එය සමන්විතයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දීර්ඝ කාලීන සංවර්ධන සැලැස්මට අනුව බටහිර පර්යන්තය ආශ්‍රිතව පාවෙන එල්.එන්.ජී. ගබඩා දෙකක් ද ස්ථාපනය කළ යුතු වනවා.