Header Ads

උණුසුම් පුවත්

මියන්මාර හමුදා පාලකයා අවුන්සාන් සුකීගේ පක්ෂ කාර්යාලය කඩා බිද දමයි


මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලයට පත් වූ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායක අවුන්සාන් සුකී ඇතුළු දේශපාලන නායකයන් සිර අඩස්සියට ගෙන සිටින හමුදා පාලක මින් අවුන් හයින් ඇගේ පක්ෂ කාර්යාලයට කඩා වැදී එය විනාශ කර ඇති බව වාර්තා වනවා. ඊයේ රාත්‍රියේ අවුන්සාන් සුකීගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ මූලස්ථානයේ දොරවල් කඩා ඇතුලු වූ හමුදාව එහි තිබූ දෑ විනාශ කර ඇති බව ඇයගේ පක්ෂය මගින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණා.