Header Ads

උණුසුම් පුවත්

ජනතා බලාපොරොත්තු ඉටුවන පරිදි රජයේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරන්න


ජනතා බලාපොරොත්තු ඉටුවන පරිදි රජයේ සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උපදෙස් ලබාදී තිබෙනවා. ඒ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ඊයේ පස්වරුවේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින්. කාලය සමඟ සටනක නිරත වෙමින් වසර 5 ක කාලයක් සඳහා ජනතාව බලාපොරොත්තු වූ වැඩ කොටස ඉටු කිරීමට මහන්සි විය යුතු බවයි අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට එහිදී උපදෙස් ලබාදී ඇත්තේ. නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැර කිරීම හා ප්‍රජා පවිත්‍රා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන හා ඒවායේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබෙනවා.