Header Ads

උණුසුම් පුවත්

පෞද්ගලික රෝහල් ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට කොවිඩ් එන්නත් ලබන සතියේ

පෞද්ගලික රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් හා ඉදිරිපෙළ කාර්යමණ්ඩල සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ කටයුතු ලබන බදාදා දිනයේ සිදුකරන බව විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ප්‍රධාන රෝහල්වලදී එම එන්නත්කරණ කටයුතු සිදුකිරිමට සැලසුම්කර ඇති බව ඔහු සඳහන් කළා.

"සාමාන්‍ය පෞද්ගලික සේවයේ යෙදෙන වෛද්‍යවරුන්ටත් අපි මේක බදාදා දවසේ ලබාදෙනවා. ඒ අවට තිබෙන ප්‍රධාන රෝහල්වලට ගෙනල්ලා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. මේක දෙන්නේ නොමිලේ," යනුවෙන් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසුවා.