Header Ads

උණුසුම් පුවත්

අංගොඩ ලොක්කා මියගිය බවට තහවුරු කිරීමට ඉන්දියාවෙන් DNA සාම්පලයක් ඉල්ලයි

ඉන්දියාවේ කොයිම්බතුර් දී මිය ගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මද්දුම ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා නැමැත්තා දැයි සත්‍ය වශයෙන්ම සනාථ කර ගැනීම සඳහා අංගොඩ ලොක්කාගේ ළඟම ඥාතියෙකුගෙන් ඩී එන් ඒ සාම්පලයක් එවන ලෙස ඉන්දීය ජාතික විමර්ශන ඒකකය ශ්‍රී ලංකා අන්තර්ජාතික පොලීසියේ සහය ඉල්ලා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

ඉකුත් වසරේ ජුලි 03 දින රාත්‍රියේ හෘදයාබාධයක් බව කියමින් කොයිම්බතුර් රෝහලට ඇතුළත් කළ පසු මෙම පුද්ගලයා මරණයට පත් වූ බවට ඉකුත් ජුලි 22 වැනිදා වන විට මෙරටට ආරංචි විය.

එහිදී මෙම මියගිය පුද්ගලයාගේ ළඟම ඥාතියෙකුගේ DNA සාම්පල ඉන්දියාවට යැවූ අතර , ඒ අනුව මියගිය පුද්ගලයා අංගොඩ ලොක්කා බව එයින් සැබෑ ලෙස තහවුරු විය .

එහෙත් මෙම තහවුරු කිරීමේ කටයුතු නිල නොවන වශයෙන් සිදුවී ඇති අතර , මෙය අධිකරණ ක්‍රියාවලියක් ඔස්සේ නිල වශයෙන් තහවුරු කර ගැනීම සඳහා ළඟම ඥාතියෙකුගේ DNA සාම්පල එවන ලෙස ඉන්දීය ජාතික විමර්ශන ඒකකය ශ්‍රී ලංකා අන්තර්ජාතික පොලීසියෙන් ඉල්ලීමක් කර ඇත.