මේඩ් ඉන් ශ්‍රී ලංකා (Made in Sri Lanka) වෙළඳ ප්‍රදර්ශනය අගමැති අතින් විවෘත වෙයි

මේඩ් ඉන් ශ්‍රී ලංකා (Made in Sri Lanka) වෙළඳ ප්‍රදර්ශනය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ 2021.02.13 දින පෙරවරුවේ විවෘත වුනා.


මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට රට තුළ මෙන්ම විදේශීයව තම වෙළඳපොල අරමුණු ජය ගැනීමට හැකියාව විවර කිරීමේ අරමුණින් ඇරඹි මේඩ් ඉන් ශ්‍රී ලංකා (Made in Sri Lanka) සංකල්පය අනුව කොළඹ 07 පදනම් මාවතේ දී මෙම වෙළඳ ප්‍රදර්ශනය පැවත් වේ.

කර්මාන්ත අමාත්‍යංශය යටතේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මෙම වෙළඳ ප්‍රදර්ශනය සංවිධානය කරයි. කොළඹ 07 පදනම් මාවත කේන්ද්‍ර කරගනිමින් අද සහ හෙට (14) දිනයේ පෙරවරු 10 සිට රාත්‍රි 08 දක්වා පාරිභෝගික ජනතාව වෙනුවෙන් මෙම වෙළඳ ප්‍රදර්ශනය විවෘතව පවතියි.
මෙහි ප්‍රදර්ශන කුටි අග්‍රාමාත්‍යතුමාගේ නිරීක්ෂණයට ලක් වුනා.

ජතික මට්ටමේ වෙළඳ ප්‍රදර්ශනයක් ඔස්සේ මෙරට ව්‍යවසායකයන් සවිබල ගැන්වීමේ ජාතික ක්‍රියාවලියකට මුලපිරීම සතුටට කරුණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී පැවසුවා.

මේඩ් ඉන් ශ්‍රී ලංකා (Made in Sri Lanka) සංකල්පය ඔස්සේ වරලත් අලෙවිසැල් ස්ථාපිත කිරීම, ඊ -වාණිජ වෙළඳ ද්වාරය පිහිටුවීම සහ රට පුරා වෙළඳ ප්‍රදර්ශන පැවත්වීමට සැළසුම් කර තිවෙනවා.

අද දින අග්‍රාමාත්‍යතුමා අතින් විවෘත වූයේ මේ වසරේ ක්‍රියාත්මකවන පළමු ජාතික වෙළඳපොල අත්දැකීමයි. මෙමගින් ආහාර, අත්කම්, රෙදිපිළි හා පාවහන්, ආයුර්වේද නිෂ්පාදන හා විලවුන්, කෘෂි හා සෙසු විශේෂ ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි පාරිභෝගිකයන්ට හා සේවා දායකයන්ට පුළුල් වෙළඳ පොල ප්‍රවේශයක් හිමි වේ.
මෙහිදී අදහස් පළකළ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසුවා.

ගරු අග්‍රාමාත්‍යතුමනි ඔබතුමන් 2005 මේ රටේ ජනාධිපතිධූරයට පත්වීමත් සමඟ ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන චින්තනයේ විශාල පෙරලියකට මුල පිරුවා. කළ නොහැක්කක් නොමැත කියන ධෛර්ය සම්පන්න හැඟීම මුළු මහත් ජාතියටම එන්නත් කළා. පරාජයට පත් කරන්න බැහැ කියපු ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජයට පත් කරලා පෙන්නුවා. ඒ වගේම දේශීයත්වයට මුල් තැන දෙමින් අපේ රටේ ජාතික ආර්ථිකය ජාතිකත්වය සමඟ මුහු කොට ගොඩනැංවීමට හැකියි කියන බලවත් විශ්වාසය 2005-2015 මුල දක්වා කාල පරිච්ඡේදය තුළ ඔබතුමා ගොඩනංවලා පෙන්වුවා. හම්බන්තොට වරාය ජාතියට නිර්මාණය කළා ඒ වගේම කොළඹ නගරය ආශ්‍රිතව වරාය නගරයක් නිර්මාණය කළා.විදුලි බලාගාර නිර්මාණය කරමින් ජාතික විදුලි අවශ්‍යතාව සියයට 90කට වඩා ලබා දෙන්න කටයුතු කළා. ආර්ථික වර්ධන වේගය සියයට 6කට අධික මට්ටමෙන් පවත්වා ගත්තා. ඒ දශකය මේ රටේ ඉතිහාස කතාවේ ඉතා මනරම් පරිච්ඡේදයක්. ඒ පදනම මත ඉඳගෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුක්ත අපේ වර්තමාන ආණ්ඩුව මහින්ද චින්තනයේ මූලික පදනම වෙච්ච ඒ දේශීයත්වයට වැඩි විශ්වාසයක් බලගන්වමින් මේඩ් ඉන් ශ්‍රී ලංකා (Made in Sri Lanka) සංකල්පය බලගන්වන්න ආත්ම විශ්වාසය ඇති කළා. මේ රටේ නිෂ්පාදනය කළ දෙයක් ආඩම්භරයට හා ගෞරවයට කාරණයක් කරන්න එමගින් හැකිවී ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කළා.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, ශ්‍රී ලංකාවේ ජපාන සහ ප්‍රංශ තානාපතිවරුන්, අමාත්‍යංශ නිලධාරින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ පාරිභොගික ජනතාව එක්ව සිටියා.























Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: මේඩ් ඉන් ශ්‍රී ලංකා (Made in Sri Lanka) වෙළඳ ප්‍රදර්ශනය අගමැති අතින් විවෘත වෙයි
මේඩ් ඉන් ශ්‍රී ලංකා (Made in Sri Lanka) වෙළඳ ප්‍රදර්ශනය අගමැති අතින් විවෘත වෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmExGtgW0iW5KYS7IolDOki1CdAzvNVEyj_C8vyCzJNVTcAqZBR0ugxyWNqGfAVpl9CctAlrgH0EBVd19oHeMZxfYVf80dlFk-jldecFGuJEUDeemJEg5Mm8Ts4-NHmU6hq4l4se-Txw4/s16000/made-in-sri-lanka+%25286%2529.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmExGtgW0iW5KYS7IolDOki1CdAzvNVEyj_C8vyCzJNVTcAqZBR0ugxyWNqGfAVpl9CctAlrgH0EBVd19oHeMZxfYVf80dlFk-jldecFGuJEUDeemJEg5Mm8Ts4-NHmU6hq4l4se-Txw4/s72-c/made-in-sri-lanka+%25286%2529.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/02/Made-in-Sri-Lanka-exhibition.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/02/Made-in-Sri-Lanka-exhibition.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content