Header Ads

උණුසුම් පුවත්

කංජිපානිගේ සහයකයෙකු ඇතුළු අපරාධකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන්ගේ සහයකයෙකු ලෙස කටයුතු කරන මොහොමඩ් අජීම් නැමැත්තෙකු කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා.

ඔහු සමග තවත් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 20ක්, අත්බෝම්බයක් සොයාගෙන ඇත.

සැකකරුවන් අද (14) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර වත්තල ප්‍රදේශයේදී ද 38 හැවිරිදි කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 150 සහ මත්ද්‍රව්‍යවලින් උපයා ගත් රුපියල් 950,000ක මුදලක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිළියන්දල ප්‍රදේශයේදී බඩෝවිට අසංක නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද අත්අඩංගුවටගෙන ඇත් අතර ඔහු සන්තකයේ මත්කුඩු ග්‍රෑම් 146ක් තිබී සොයාගනු ලැබුවා.