අදියර කිහිපයක් යටතේ සියලු විශ්ව විද්‍යාල සිසුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කර ඇත්තේ මේ පිළිබඳ යෝජනාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත ඉදිරිපත් කර තිබෙන බවකි.
මෙහි පළමු අදියර ලෙස විශ්වවිද්‍යාල, වෛද්‍ය පීඨ හා දන්ත වෛද්‍ය පීඨ වල සායනික පුහුණුව සඳහා යන 5800 කට අධික සිසුන් පිරිසට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට නියමිතයි.
අනතුරුව සෙසු විශ්වවිද්‍යාල සිසුන්ට ද කොරෝනා මර්දන එන්නත් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබෙන අතර මේ අනුව විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු හදාරන සමස්ත සිසුන් සංඛ්‍යාව 140,000 ක් පමණ බවද පැවසෙනවා.
සියලු විශ්වවිද්‍යාල මේ වනවිට වසා දමා ඇති අතර Online ඔස්සේ අධ්‍යයන කටයුතු සිදු කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කරනවා.