Header Ads

උණුසුම් පුවත්

ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනයේ නිලධාරීයෙකුට කොවිඩ්


නුගේගොඩ, ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනයේ  ප‍්‍රධාන ශාඛාවේ නිලධාරියකුට කොවිඩ් ආසාදිත බව අද (14) දින හඳුනාගෙන ඇත.

මේ හේතුවෙන්  ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනය හෙට (15) දින වසා දැමීමට තීරණය කළ බව එම ආයතනයේ සභාපති වෛද්‍ය ශවේන්ද්‍ර ගමගේ මහතා සඳහන් කරනවා.

කෙසේ වෙතත් දුරකථන මගින් වේලාවන් වෙන් කරගත් පිරිස් වෙත වෙනත් දිනයක් දැනුම්දෙන අතර එදිනට පැමිණ අදාල සේවය ලබාගත හැකි බව දැනුම් දෙනවා.

ලැබෙන උපදෙස් අනුව එම තීරණය ගත්බවද  ආයතනය ලබන අඟහරුවාදා (16) දින සිට නැවත විවෘත කිරීමට බලාපොරොත්තුවන බවද ඔහු වැඩි  දුරටත් සඳහන් කරනවා.