පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් 30 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමට ඊට අදාළ තොරතුරු මේ වනවිට නීතිපතිවරයාට ලබාදී ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරනවා.
අමාත්‍ය සරත් වීරසේකර සඳහන් කරන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 251 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගතකර සිටින බවකි.
කාදිනල්තුමාට කතෝලික ජනතාව ගැන වගකීමක් තියෙනවා. එතුමාගේ අවශ්‍යතාව අපිට වැටහෙනවා. 30 දෙනෙකු ගැන, මනුෂ්‍ය ඝාතන සහ කුමන්ත්‍රණ සම්බන්ධයෙන් නීතිපතිවරයාට අපි තොරතුරු දීලා තියෙනවා. ඊට අමතරව ජනාධිපති කොමිසමේ වාර්තාවත් නීතිපතිට ගියාට පසුව තමයි නඩු පවරන්නේ. නඩු දාන්න පටන්ගත්තාට පස්සේ ජනතාවට තේරෙයි අපි කොහොමද වැඩ කරන්නේ කියලා. පොලීසියෙන් ගන්න පුළුවන් තීරණ අරන් ඉවරයි. යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
ජිනීවා හැම තිස්සෙම අපිට විරුද්ධව තමයි කටයුතු කරන්නේ. අපිට සහනයකට තියෙන්නේ 30/1 යෝජනාවේ සමඅනුග්‍රාහකත්වයෙන් අපි ඉවත් වුණා. ඒ නිසා බොහෝ රටවල් අපිත් සමග සහයට එයි. මෙවර රටවල් 5ක් අපිට විරුද්ධව ගේනවා යෝජනාවක්. ඒකට අපි ප්‍රතියෝජනාවක් ගේන්න තමයි බලාපොරොත්තුවෙන්නේ. යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවා.