Header Ads

උණුසුම් පුවත්

ලිඳුල නගර සභාවේ සභාපති තෝරා ගැනීම මාර්තු මාසයේ

තලවකැලේ, ලිඳුල නගර සභාවේ සභාපතිවරයා තෝරා ගැනීමේ ප්‍රථම රැස්වීම ලබන මාර්තු මස පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අනුව පළමු රැස්වීම මාර්තු මස 05වනදා පෙරවරු 10.00ට නගර සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වීමට නියමිත බව නිවේදනයකර තිබේ.

මීට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය ද මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස් එච්. එම්. යූ. බී හේරත් මහතාගේ අත්සනින් නිකුත්කර ඇත.

ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල මහතාට එරෙහිව එම සභාවේම මන්ත්‍රීවරයෙකු විසින් පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබුණා. පැමිණිල්ලට අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් එක් පුද්ගල කොමිෂන් සභාවක් පත්කර තිබූ අතර එම වාර්තාවට අනුව සභාපතිවරයා නගර සභා ආඥා පනතට පටහැනිව කටයුතුකර ඇති බවට අනාවරණය වූවා.

බැවින් පසුගිය 29 වන දින සිට ක්‍රියාත්මක වනපරිදි තලවකැලේ, ලිඳුල නගර සභාවේ සභාපතිවරයා සිය ධුරයෙන් පහකර ඇති බව ආණ්ඩුකාරවරයා විසින් දැනුම් දී තිබුණ අතර

ඇතිවූ ඇති පුරපුපාඩුවට නව  සභාපතිවරයෙක්  තෝරා ගැනීමට නියමිතයි.