Header Ads

උණුසුම් පුවත්

අගමැති මැදිහත්වීමෙන් පෞද්ගලීකරණය කළ පේෂකර්ම ආයතනවල සේවකයන්ට මාසික දීමනාවක්


වසර 40කට පෙර පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල සේවකයන්ට මාසික දීමනාවක් ලබාදීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආරම්භකර තිබෙනවා.

ඒ අනුව බලවේග පේෂකර්ම ආයතනවල සේවකයන් 3,330 දෙදෙනෙකු සඳහා මාසික දීමනාවක් ලබාදීමට තීරණයකර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

1980 හා 1982 කාලය තුළ පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල වසර 10කට අඩු සේවා කාලයක් හිමි සේවකයන්ට ඔවුන් ජීවත්ව සිටිනතාක් මෙම මාසික දීමනාව ලබාදෙන බව සදහන්.