සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙරටදී දේශීය හා ජාත්‍යන්තර සමුළු, සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන පැවැත්වීමට රජයේ අවධානය


සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙරටදී දේශීය හා ජාත්‍යන්තර සමුළු, සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන යලි පැවැත්වීමට රජයේ අවධානය යොමු වෙයි. ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙරට දේශීය හා ජාත්‍යන්තර සමුළු,සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශණ පැවැත්වීම පසුගිය මාර්තු මාසයේ සිට නතර කෙරිණ. සංචාරකයන්ට රට විවෘත කිරීමට සමගාමීව මේ සඳහා අවසර දීම රජයේ අවධානය යොමුව ඇති බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

“Be Sri Lankan Buy Sri Lankan ” දේශීය නිෂ්පාදන ප්‍රදර්ශනයේ හා ලංකා පැක් ප්‍රදර්ශනය හා සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් පහුගියදා ඇමතිවරයා මේ බව සඳහන් කළේය. මෙම ප්‍රදර්ශන දෙක කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී එකම දිනකදී ආරම්භ කෙරිණි. මෙරට දේශීය හා ජාත්‍යන්තර සමුළු,සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන පැවැත්වීම ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතිය යටතේ මෙම ප්‍රදර්ශන සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

“වත්මන් රජය දේශීය නිෂ්පාදන හා කර්මාන්තකරුවන් දිරිගැන්වීම සඳහා විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. පසුගිය අය වැයේදීත් අපි ඒ වෙනුවෙන් විශේෂ සහන රැසක් ලබා දුන්නා. මෙරට ජනතාව දේශීය නිෂ්පාදන මිලදී ගැනීම සඳහා පෙළඹවීමට කොවිඩ් වසංගතයත් කිසියම් හේතුවක් වුණා. පහුගිය කාලේ කොවිඩ් වසංගතයත් එක්ක පිට රටින් බඩු එන එක අඩු වුණා. ඒකත් එක්ක රටේ ජනතාවට දේශීය නිෂ්පාදන වල වටිනාකම දැනෙන්න පටන් ගත්තා. දේශීය නිෂ්පාදන රටේ වැඩි වෙනකොට ඊට වෙළඳපලක් අවශ්‍යයි. එවැනි වෙළඳපලක් ඇති කරන්න මෙවැනි ප්‍රදර්ශන, සම්මන්ත්‍රණ ඉතා වැදගත්.

කොවිඩ් වසංගතය නිසා මේ රටේ ප්‍රදර්ශන, සම්මන්ත්‍රණ හා සමුළු පැවැත්වීම නතර කරන්න වුණා. නමුත් දැන් සංචාරකයන්ට රට විවෘත කරලා තියෙන්නේ. ඊට සමගාමීව අපි මේ වෙළඳපල සකස් කර ගැනිම සඳහා දේශීය හා ජාත්‍යන්තර සම්මන්ත්‍රණ, සමුළු හා ප්‍රදර්ශණ පැවැත්විම යලි ආරම්භ කරනවා. හැබැයි එය සිදුවන්නේ සෞඛ්‍ය අංශ නිර්දේශ මත පමණයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ හා අනෙකුත් පාර්ශව සමග සාකච්ඡා කරගෙන යනවා. ඒ සඳහා ආරම්භයක් විදියට අපි නියමු ව්‍යාපෘතියක් ආරම්භ කලා. එහි පලමුවැන්න තමයි අද මේ පැවැත්වෙන්නේ.

කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා -

අද අපි කොවිඩ් වසංගතයත් එක්ක නව සාමාන්‍යකරණ ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරන්නේ. අපිට විදෙස් ඇමතිවරයෙක් ඉන්නවා කොවිඩ් නිසා කිසිම රටකට යා ගන්න බැරි. සංචාරක ඇමතිවරයෙක් ඉන්නවා කිසිම සංචාරයක් කරගන්න බැරි. ක්‍රීඩා ඇමතිතුමෙක් හිටියා කිසිම සෙල්ලමක් කරගන්න බැරිව. පස්සේ එතුමා ඒ අභියෝගය ජයගත්තා. සංචාරක ඇමතිතුමත් ඒ අභියෝගයට මුහුණ දෙමින් ඉන්නවා. අපිට අද ජීවත් වෙන්න වෙලා තියෙන්නේ එවැනි අභියෝගාත්මක තත්වයක. ඒකට අපි හැඩගැහෙන්න වෙලා තියෙනවා. ඒකට අනූකූලව නව සාමාන්‍යකරණ තත්වය යටතේ අපේ දේශපාලන, සමාජ ආර්ථික ක්‍රියාකාරකම් පවත්වාගෙන යන්න වෙලා තියෙනවා. කොවිඩ් 19ට බයවෙලා අපිට සම්පූර්ණයෙන්ම හැමදේම අතහැරලා ඉන්න බෑ. සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව මේ ප්‍රදර්ශන, සමුළු හා සම්මන්ත්‍රණ පවත්වමින් මෙරට ආර්ථිකයට පිටුවහලක් විය යුතුයි.

ඇසුරුම් කරන කර්මාන්තය සෙසු කර්මාන්ත එක්ක සංසන්ධනය කරද්දි සැලකිය යුතු දියුණුවක් ලබා ගෙන තිබෙනවා. ඇසුරුම්කරණය හැකිතාක් පරිසර හිතකාමීව සිදුවි යුතුයි. නව පරම්පරාව අතීත පරම්පරාවට වඩා පරිසරයට ආදරය කරනවා. ඇසුරුම්කරණයේදී සිටින මඟීන්ට ඒ සඳහා අවශ්‍ය උපාය මාර්ග සකස් කර රජය ඊට අවශ්‍ය අනුග්‍රහය ලබාදීමට කටයුතු කරනවා. අපේ රජයේ ප්‍රධාන ප්‍රතිපත්තියක් තමයි දේශීය නිෂ්පාදනය බලගැන්වීම. ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා. මොන අභියෝග එල්ලවුනත් දේශීය කර්මාන්ත නංවාලීම සඳහා ගතයුතු ගතහැකි සෑම පියවරක්ම ගන්නවා. ”

ප්‍රාථමික සෞඛ්‍ය හා කොවිඩ් රෝහල පාලනය කිරීමේ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් හර්ෂ අමල් ද සිල්වා මහතා ද මෙහිදී අදහස් දැක්වූයේය.  

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙරටදී දේශීය හා ජාත්‍යන්තර සමුළු, සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන පැවැත්වීමට රජයේ අවධානය
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙරටදී දේශීය හා ජාත්‍යන්තර සමුළු, සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන පැවැත්වීමට රජයේ අවධානය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjItNBpy10Qr7-Ea05rOqQGWYwBy9av2Tvv7Bdtlc8E0LaOI4cbNEFo-AUtQzfI6cYQEUhm_eW3GSrNHLXDDvFoxUepMbZQnkF8_EgRfNXCAfqJ9lebFxCK5cegZcVM4xQaHhBXJVpz6tA/s16000/TNMSdArC1oWJADsGFO1ZoLwe3G6378lw.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjItNBpy10Qr7-Ea05rOqQGWYwBy9av2Tvv7Bdtlc8E0LaOI4cbNEFo-AUtQzfI6cYQEUhm_eW3GSrNHLXDDvFoxUepMbZQnkF8_EgRfNXCAfqJ9lebFxCK5cegZcVM4xQaHhBXJVpz6tA/s72-c/TNMSdArC1oWJADsGFO1ZoLwe3G6378lw.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/02/blog-post_15.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/02/blog-post_15.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content