Header Ads

උණුසුම් පුවත්

භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට සැලසුම්


ඉදිරියේ දී ශ්‍රී ලංකාව තුළ ද භාරතීය ජනතා පක්ෂය නිර්මාණය කිරීමට සැලසුම් කරඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා ප්‍රකාශකර තිබෙනවා.

ඉන්දියාවේ පැවැති මහජන සමුළුවකදී ඔහු ප්‍රකාශකර ඇත්තේ අසල්වැසි ශ්‍රී ලංකාව තුළ හා නේපාලය තළ භාරතීය ජනතා පක්ෂයක් ඇති කිරීමට පක්ෂය විසින් අදහස් කරගෙන ඇති බවයි.

භාරතීය ජනතා පක්ෂය ගෝලීය පක්ෂයක් බවට පත්කිරීමේ අරමුණින් අදාළ කටයුතු සිදුකරන බව ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා වැඩිදුරටත් සදහන්කර ඇත.