Header Ads

උණුසුම් පුවත්

හදිසි මරණ පරීක්ෂකවරුන් සඳහා අයැදුම්පත් කැඳවීම ඇරඹෙයි




උතුරු හා නැගෙනහිර හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල හදිසි මරණ පරීක්ෂකයන් 297ක හිඟයක් පවතින බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා.

ඒ හේතුවෙන් වැඩ බැලීමේ හදිසි මරණ පරීක්ෂකවරුන් පත් කිරීමෙන් හදිසි මරණ පරීක්ෂණ කිරීමේ ගැටලු මතුව තිබෙනවා.

මේ තත්වය සැලකිල්ලට ගනිමින් හදිසි මරණ පරීක්ෂකවරුන් නොමැති කොට්ඨාස 297 සඳහා හදිසි මරණ පරීක්ෂකවරුන් පත් කරන බවයි ලේකම්වරයා සඳහන් කළා.

ඒ අනුව මේ සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.

මෙය ගරු සේවයක් වන අතර හදිසි මරණයකදී අමාත්‍යාංශය රුපියල් 1000ක දීමනාවක් හදිසි මරණ පරීක්ෂකවරුන්ට ලබාදෙනු ලබනවා.