Header Ads

උණුසුම් පුවත්

ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්


සිය පාරම්පරික නිජ බිම් මහවැලි අධිකාරිය යටතට පවරාගෙන ඒවා බඩ ඉරිඟු වගාකිරීම සඳහා පෞද්ගලික සමාගම්වලට පවරා දීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවී අමාත්‍ය සී බී රත්නායක, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.