Header Ads

උණුසුම් පුවත්

මාස හතරක දැරියක් කොරෝනා බිළි ගනී


පේරාදෙණිය බණ්ඩාරනායක ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී මාස හතරක කුඩා දැරියක් කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මිය ගොස් ඇති බව වාර්තා වේ.

එසේ මියගොස් ඇත්තේ අමෝද්‍ය සංදීපා නමැති මාස හතරක් වයසැති නුගවෙල ප්‍රදේශයේ පදිංචි දැරියකි .

පෙබරවාරි මස 12 වැනි දින එම දැරියට මාස 4 න් ලබා දියයුතු එන්නතක් ලබාදී ඇති අතර ඊට පසු දින එම දැරිවියට උණ රෝගය වැළඳී ඇති අතර එදිනම එම දැරිය පේරාදෙණිය බණ්ඩාරනායක ළමා රෝහලට ඇතුළත් කළ පසු මියගොස් තිබේ.

දැරිය මිය යාමෙන් පසුව පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කර ඇති අතර එම වාර්තාව ඊයේ(16) දින ලැබී ඇත.එහිදී එම දැරියට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.