කොවිඩ් වසංගත ව්‍යාප්තිය වැළැක්වීම සඳහා කොවිඩ් මර්දන එන්නත ජනමාධ්‍යවේදීන්ට ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී අමාත්‍යවරයා එම ඉල්ලීම සිදුකර ඇති බව ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
කොරෝනා වසංගතය මෙරටින් හඳුනාගත් මොහොතේ සිට එහි තොරතුරු ජනතාවට ලබාදෙමින් විශාල කාර්යභාරයක නියැලෙන ඉදිරිපෙළ කණ්ඩායමක් වශයෙන් ඉටුකරන ජාතික කාර්යභාරය අඛණ්ඩව සිදුකරගෙන යාම සඳහා එම එන්නත ජනමාධ්‍යවේදීන්ට ලබාදීම සුදුසු බව අමාත්‍යවරයා පවසා ඇත.
මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව මාධ්‍යවේදීන් 6,000 ක් පමණ සිය වෘත්තිමය කටයුතු සිදුකරනු ලබයි.