Header Ads

උණුසුම් පුවත්

පොලීසියේ පළමු කොරෝනා මරණය වාර්තා වෙයි


ශ්‍රී ලංකා පොලීසියේ පළමු කොරෝනා මරණය ඊයේ (07) රාත්‍රියේදී වාර්තා වී තිබෙනවා. 

මොණරාගල පොලිස් කොට්ඨාශයට අනියුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂක අන්දිරිස් අප්පුහාමි යන නිලධාරියා මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය 03 වන දින ඔහු පපුවේ වේදනාවක් හේතුවෙන් මොණරාගල රෝහලට ඇතුළත් වී ඇති අතර එහිදී කරන ලද පි.සී.ආර් පර්ක්ෂණයකින් පසු ඔහු කොවිඩ් ආසාධිතයෙකු බවට අනාවරණය වී තිබෙන අතර ඔහු ඊයේ රාත්‍රියේ මියගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා පොලීසියේ මේ වන විට කොරෝනා ආසාදනය වී ඇති පොලිස් නිලධාරීන් ගණන 2927 කි.