කොළඹ ගාලු මුවදොර පිටියේ ඉදි කෙරෙමින් පවතින ආදර්ශ වෙළෙඳ කුටි අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.
ගාලු මුවදොර පිටිය කේන්ද්‍රකොට ගත් සංවර්ධන ව්‍යාපෘතියේ තවත් පියවරක් ලෙස වෙළෙඳ කුටි පද්ධතිය ඉදි කෙරේ.
නාවික හමුදාව නව සැලැස්මට අනුව ආදර්ශ වෙළෙඳ කුටි නිර්මාණය කර තිබේ. ගාලු මුවදොර පිටියට ආකර්ශණීය පෙනුමක් ලැබෙන අයුරින් වෙළෙඳ කුටි ඉදිකිරීමේ අවශ්‍යතාව එහිදී ජනාධිපතිවරයා පෙන්වාදී තිබේ.
අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජනරාල් දයා රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.