Header Ads

උණුසුම් පුවත්

ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තවම ලබාදී නෑ - අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්


පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලූ නමුත් මෙතෙක් එය නොලැබුණු බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පාර්ශව වලට එරෙහිව මෙරට තුළ නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවුණහොත් තමා ජාත්‍යන්තර අධිකරණයකට යෑමටද සුදානම් බව කාදිනල් හිමිපාණන් සදහන් කළා.අද පෙරවරුවේ අගරදගුරු මැඳුරේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව කියාසිටියා.