අධිකරණයට අපහසකිරීමේ චෝදනාව මත සිරදඬුවම් නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් පියවරක් නොගන්නා ලෙස දන්වමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත නිකුත් කර තිබෙන නියෝගය මාර්තු මස 16 වනදා දක්වා දීර්ඝ කිරීම අභියාචනාධිකරණය අද (11) නියම කර තිබෙනවා.
රන්ජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අද යළි කැඳවූ අවස්ථාවේදී අහියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය ලබාදී තිබෙනවා.
පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතාට පෞද්ගලික හේතුවක් මත අද දින අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි හෙයින් එම නඩුව සලකා බැලීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා ඉල්ලීමක් කළේය.