කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ මෙරට දුම්පානය කරමින් සිටි පුද්ගලයින්ගෙන් සියයට 48ක් දුම්පානය නවතා දමා ඇති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
මෙය ඉතාමත් හොඳ ප්‍රවණතාවක් බව පෙන්වා දෙන එම මධ්‍යස්ථානය දුම්පානය අතහැර දැමූ පුද්ගලයින්ගෙන් සියයට 50ක් පමණ යළිත් දුම්පානය නොකරන බවට ප්‍රකාශ කර ඇති බවද සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ මානව සංවර්ධන අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා පවසා සිටියේ, කොවිඩ් වසංගත තත්ත්වයට දුම්පානය ඍජු බලපෑම් එල්ලකරන බවය.
එහිදී දුම්පානය කරන්නන් ට කොවිඩ් වැළඳීමට තිබෙන අවදානම වැඩි බවත් කොවිඩ් ආසාදනය වීමේ දී දුම්පානය කරන පුද්ගලයෙකුගේ සෞඛ්‍යයට දරුණු බලපෑම් එල්ල කිරීමටත් වැඩි හැකියාවක් පවතින බව ඒ මහතා පවසයි.