Header Ads

උණුසුම් පුවත්

ධීවර හා නාවික ප්‍රජාවට කාළගුණයෙන් දැනුම්දීමක්


දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බේරුවල සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 50 -55ත් දක්වා වැඩි විය හැකිය.

මේ අතර ධීවර හා නාවික ප්‍රජාව සහ වෙරළාසන්නයේ ජීවත්වන ජනතාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.