Header Ads

උණුසුම් පුවත්

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්


ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.සිදු කළ පී සී ආර් පරීක්ෂණයෙන් තමා අසාදිතයකු බව දැනගත් විට පුද්ගලික ‍රෝහලකට ඇතුළත් වූ බව මන්ත්‍රීවරයා පවසනවා.

පසුගිය දිනවල තම මන්ත්‍රී නිළ නිවසට පැමිණි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට හා කන්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ රියදුරාට කෝවිඩ් ආසාදනය වී ඇති බව දැනගත් පසු තමාටත් යම් රෝග ලක්ෂණ මතු වීම නිසාවෙන් පී සී ආර් පරීක්ෂණයක් සිදු කළ බවත් ඔහු පවසනවා.

මන්ත්‍රීවරයා කොවිඩ් ආසාදිතයකු වීම හේතුවෙන්  අද දිනයේ ඔහුගේ පුද්ගලික කාර්ය මණ්ඩලය, ආරක්ෂකයන් හා සමීපතමයන් කන්තලේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්‍යාලයේ දී පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබුණා.