Header Ads

උණුසුම් පුවත්

පූජ්‍ය බද්දේගම සමිත හිමි අපවත් වෙති


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ පූජ්‍ය බද්දේගම සමිත හිමියන් කොවිඩ් නියුමෝනියා තත්වය හේතුවෙන් අපවත්වී ඇත. මාතර පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම  සමිත හිමියන් අපවත්වී තිබෙනවා. 

අපවත්වන විට උන්වහන්සේ 68 වන වියේ පසුවුණා. මෙරට දේශපාලනයේ කැපී පෙනෙන භූමිකාවක් නිරූපනය කළ උන්වහන්සේ 2001 වසරරේදී පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. 

බද්දේගම සමිත හිමියන් ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ බෞද්ධ භික්ෂූන් වහන්සේ ලෙස උන්වහන්සේ ඉතිහාසයට එක්වූණා.