Header Ads

උණුසුම් පුවත්

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 180000 සීමාව ඉක්මයි.

 


ඊයේ දිනය තුල මෙරටින් ආසාදිතයන් 2,882 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක්ලක්ෂ අසූ දහසේ සීමාව ඉක්මවා ගියා. ඒ අනුව මුළු ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 180593ක් ලෙසයි.

ඊයේ හඳුනාගත් නව ආසාදිතයන්ගෙන් 2,827 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන්හි සිට පැමිණි 55 දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනා ගැනුනා. ඒ අනුව තවදුරටත් රෝගීන් 30,797 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 148,391ක්.