Header Ads

උණුසුම් පුවත්

පාර්ලිමේන්තු කොරෝනා පොකුරක් නිර්මාණය වීමට හේතුව කතානායකවරයා - ලක්ෂ්මන් කිරිඇල්ල


පාර්ලිමේන්තු කොරෝනා පොකුරක් නිර්මාණය වීමට හේතුව කතානායකවරයා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චෝදනා කරනවා.

කතානායක කාර්‍යාලය ඇතුලුව තවත් පාර්ලිමේන්තු කාර්‍යාල කිහිපයකින් කොරෝනා රෝගීන් හමු වූ අවස්ථාවේදී පාර්ලිමේන්තුව කල් දමන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප වරක්ම ඉල්ලා සිටියත් එම ඉල්ලීමට මදක්වත් ඇහුම්කන් නොදුන් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පවසනවා.

ආණ්ඩු පක්ෂයට අවශ්‍ය වූයේ මරණ මතින් හෝ කොළඹ වරාය නගර කෙටුම්පත සම්මත කර ගැනීමට බවත් දිනෙන් දින මන්ත්‍රීවරුන් ආසාදිතයින් වෙමින් තිබෙන බවත් වැඩි දුරටත් පවසනවා.