Header Ads

උණුසුම් පුවත්

මීරිගමින් කොරෝනා ආසාධිතයින් 92ක්


මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප‍්‍රදේශයෙන්  ගතවූ දිනයේදී කොරෝනා ආසාධිතයන් 92 ක් වාර්තාවී තිබෙනවා.

ප්‍රදේශයේ ඇගලූම් ආයතනවලින් සේවක පිරිස් වෙනුවෙන් සිදු කෙරුණු පී. සී.ආර්. පරීක්ෂණ වාර්තා අනුව  මෙම පිරිස හදුනා ගෙන ඇත.

ආයතනවලදී ආසාධිත බවට පත්වූ සේවිකාවන් නිවෙස් වලට යවා, ඔවුන් කොරෝනා ආසාධිතවූවන් බව නිශ්චිතව හෙලිවීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම අයවලූන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් පී.සී. ආර් පරීක්ෂණ පැවැත්වීමේදී එක් පවුලක සාමාජිකයන් 4-6 දක්වා පිරිසක් කොරෝනා ආසාධිතවූවන් බව හෙලිවී ඇතැයිද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි.