Header Ads

උණුසුම් පුවත්

කාළගුණයෙන් දැනුම් දීමක්


බේරුවල සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටෙන් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩි විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. 

එසේම බේරුවල සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගන්න අතර බේරුවල සිට ගාල්ල සහ මාතර දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර්.  ( 2.0 - 2.5 ) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් ද පවතී. 

ධීවර සහ නාවුක ප්‍රජාව සහ වෙරලාසන්නයේ ජීවත් වන ජනතාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා.