පසුගිය 27 වන දා රත්නපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත් වූ ත්‍රී රෝද රථ සොරකම් කර නැවත විකිණීමේ ජාවාරමකට සම්බන්ධ පුද්ගලයින් ගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී මොවුන් විසින් විවිධ ප්‍රදේශවලින් ත්‍රිරෝද රථ සොරාගෙන වර්ණයෙන්, චැසි අංක, ලියාපදිංචි සහතික වෙනස් කර විකිණීමේ ජාවාරමක යෙදෙන පුද්ගලයින් බවට අනාවරණය වී ඇත.
තවද මෙම සැකකරුවන්ගෙන් ලබා ගත් තොරතුරු මත ව්‍යාජ ලිපි ලේඛන සකස් කර එන්ජින් අංක හා චැසි අංක වෙනස් කර විකිණීමට සූදානම් කර තිබූ ත්‍රීරෝද රථ 08ක් සමග තවත් සැකකරුවෙකු රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුගෙන් ලබාගත් තොරතුරු මත සිදුකළ වැඩිදුර විමර්ශනයේදී ඊයේ දින පස්වන 5වන පටුමග, මිහිදුගම, රත්නපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ගේ නිවසේ තිබී අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වූ ත්‍රිරෝද රථ 12ක්, මිනි ට්‍රක් රථ 2ක්, කැබ් රථ 2ක්, ෆීසර් ලොරි රථයක්, යතුරු පැදි 5ක් සොයා ගැනීමට රත්නපුර පොලිසිය සමත් විය. පොලිසියේම ස්ථානයට ළඟා වන විට එම පුද්ගලයා පලාගොස් තිබූ අතර එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා රත්නපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.