Header Ads

උණුසුම් පුවත්

කාබනික පොහොර ආනයනය මුවාවෙන් චීන කසල ගෙන්වීමේ ජාවාරමක්


රටේ ගොවි ජනතාව පීඩාවට පත්  කරමින් රසායනික පොහොර ආනයනය නවතා දැමීම හෙළා දකින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එම පක්ෂයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද පැවති මාධ්‍ය  හමුවකදී මේ අදහස් පළකලා.

මෙහිදී ඔහු කියා සිටියේ, "ගොවියන්ට කාබනික පොහොර ලබාදීම ඉතාමත් හොඳ ක්‍රියාවක්. නමුත් ඒවා නිෂ්පාදනය සහ සැපයීමේ ආනයනය නිසි ක්‍රියාවලියක් පැවතිය යුතු යි. ප්‍රධාන අපනයන මාර්ගයක් වන කෘෂිකාර්මික බෝග වගා කරන ගොවියා මෙලෙස රසායනික පොහොර ආනයනය කිරීම සීමා කිරීමෙන් මහත් පීඩාවකට පත් වී සිටිනවා. තේ වගාව සහ මාලදිවයිනට අපනයනය කළ එළවළු බෝග වෙළෙඳපොළ ආදිය මේ වන විටත් මහත් අර්බුදයකට මුහුණ දී තිබේ තිබෙනවා.  ඒ වගේම  රජයේ පිළිගත් කිසිදු ආයතනයක් කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ පර්යේෂණයක් මේ වන තෙක් සිදු කරන නැහැ." යනුවෙනි.

මේ පිළිබඳ තවදුරටත් අදහස් ප්‍රකාශ කළ විජිත හේරත් මහතා පවසා සිටියේ මෙම පොහොර හිඟයත් සමග ඇති වූ ගැටලු නිසා කාබනික පොහොර ආනයනය කිරීමට ගත් ජනාධිපති තුමාගේ තීරණය තවත් ගැටලුකාරී එකක් බවයි. 

එලෙස ආනයනය කිරීමට සැලසුම් කර ඇත්තේ චීනයේ නාගරික කසළ මතට යූරියා මිශ්‍රකර බවත්,  ඒවා විවිධ අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු විය හැකි බැවින් ඒ තවත් ගැටළු රාශියක ආරම්භයක් විය හැකි බවත් ඔහු පෙන්වාදුන්නේ ය. මෙම කසළ ආනයනය සඳහා රජයෙන් නිකුත් කළ ගැසට් පත්‍රයේ පුද්ගලයින් 46 දෙනෙකු ගෙන් සමන්විත කාර්යසාධක බලකායක් ද  පත්කොට ඇතැයි විජිත හේරත් මහතා පැවසීය. ප්‍රමිති ආයතනයෙන් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සහ සහ ආනයනය සඳහා නියමිත ප්‍රමිති ක්‍රමවේදයක් ඉදිරිපත් කර මෙම ආනයන ක්‍රියාවලිය සිදු කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේ ය.