අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විශේෂ මුර සංචාර හේතුවෙන් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීමට උත්සහ කළ පුද්ගලයින් 40ක් සහිත තවත් ඉන්දීය ධීවර යාත්‍රා 04ක් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වළක්වා නැවත හරවා යැවීමට නාවික හමුදාව ඊයේ (29) වන දින කටයුතු කර තිබෙනවා.
නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාව දෙසට විදෙස් පුද්ගලයන් පැමිණීම හේතුවෙන් රට තුළ කොවිඩ් 19 වසංගතය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බැවින් එය මැඩ පැවැත්වීම උදෙසා නාවික හමුදාව පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි මුර සංචාර වැඩි කරමින් මෙරට මුහුදේ ආරක්‍ෂාව තර කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව, උතුරු මැද නාවික විධානය මගින් මන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ මුර සංචාරයේදී මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට උත්සාහ කළ ඉන්දීය ධීවර යාත්‍රා 04ක සිටි පුද්ගලයන් 40ක් සමග එම යාත්‍රා නැවත මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට හරවා යැවීමට කටයුතු කරන ලදී.