Header Ads

උණුසුම් පුවත්

එක්ස්ප්‍රස් පර්ල්ටත් නිව් ඩයමන්ඩ් ට අත්වු ඉරණම ද?


නිව් ඩයමන්ඩ් නෞකාවට අත් වූ ඉරනම එක්ප්‍රේස් පර්ල් නෞකාවටද අත්විය හැකි බව ආචාර්ය නාලක ගොඩහේවා අමාත්‍යවරයා පවසයි. 

නිව් ඩයමන්ඩ් ලංකාවට නෞකාවට වන්දි  මුදල ලෙස ලැබුණු රුපියල් මිලියන 454 ක පමණ වන්දි  මුදල ගෙවා ඇත්තේ සිංගප්පූරු සැල්වේජ් සමාගමක් විසිනි. එලෙස ලැබූ වන්දි මුදලට සැක උපදවන කාරණා කිහිපයක් සිදු වීම හේතුවෙන් මෙරට ජනතාව තුල එය කුමන්ත්‍රණයක් බව  කතාබහට ලක්වෙමින් පවතිනවා. 

එහිදී අවාසනාවට නිව් ඩයමන්ඩ් නෞකාවට අත්වූ ඉරණම හා සමාන ඉරණමක් පර්ල් එක්ස්ප්‍රස් නෞකාවට අත් විය හැකි බව ආචාර්ය නාලක ගොඩහේවා අමාත්‍යවරයා යූටියුබ් නාලිකාවක සංවාදයකට එක්වෙමින් සඳහන් සඳහන් කරනවා. 

මෙහිදී මෙම නෞකාව සැල්වේජ් කිරිම සඳහා වෙන යම් ආයතනයකට ලබා දීමෙන් මෙරටට ලැබීමට නියමිත විශාල මුදල් ප්‍රමාණයක් අහිමි වන බව විවිධ මත ඉස්මතු වී තිබුණත් අමාත්‍යවරයා සදහන් කරන්නේ එතුමා විසින් වරාය ආරක්ෂණ අධිකාරියෙන් සහ සමුද්‍ර ආරක්ෂණ අධිකාරියෙන් මේ පිළිබඳව විමසීමක් සිදු කළ බවයි. 

එහිදී ඔවුන් පවසා ඇත්තේ  "අපට ඒ සඳහා වන තාක්ෂණය සහ දැනුම නොමැති බවයි". ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ මෙරටට වෙනත් අත්තර්ජාතික  සමාගමක් සමඟ සම්බන්ධ වී හෝ මෙය සැල්වේජ් කිරීම සිදු කළ හැකිනම් මෙරටට විශාල මුදලක් ලබා ගත හැකි බවයි. 

එමෙන්ම ඒ සඳහා මෙරට පවතින නාවික කටයුතු සම්බන්ධයෙන් ඇති යම් යම් නීති රීති වෙනස් කිරීමට ලක් කල යුතු බවත් එම තිබෙන නීති රීති තුළ  එවැනි සමාගම් වලට මේ සඳහා පිහිට වන්නට දබාධක නිර්මාණය වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.