ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පේදුරුතුඩුව කොට්ටඩි වෙරළ ප්‍රදේශයේ 2021 මැයි 30 දින සිදු කළ විශේෂ රාත්‍රී පාමුර සංචාරයකදී ඩිංගි යාත්‍රාවක් තුල සගවා තිබු කේරළ ගංජා කිලෝ 48 ග්‍රෑම් 900ක පමණ ප්‍රමාණයක් නාවික හමුදාව භාරය ගැනීමට හැකිවී තිබේ.
එමෙන්ම, නාවික හමුදා මෙහෙයුම හේතුවෙන් පලාගිය මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන්ගේ බවට සැක කෙරෙන යතුරු පැදි 02ක් ද එම ස්ථානයේ දි නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.
තවද, මෙම කේරළ ගංජා තොගයේ විථි වටිනාකම රු.මිලියන 14කට අධික වෙතැයි විශ්වාස කෙරේ.
කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදු කළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය සහ යතුරු පැදි දෙක (02) ඉදිරි විමර්ෂණ කටයුතු සදහා පේදුරුතුඩුව පොලීසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.