අනුරාධපුර - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ නොච්චියාගම මොරවකන්ද ප්‍රදේශයේ දී පුත්තලම බලා ධාවනය වු කන්ටේනර් රථයක් තවත් වාහන කිහිපයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර සිව්දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.
අධික වේගයෙන් පැමිණ ඇතැයි සැක කෙරෙන කන්ටේනර් රථය යතුරුපැදි දෙකක් හා පාපැදියක් යටකර ගෙන ධාවනය කර තිබෙනවා.
ගල් අඟුරු පටවා තිබී ඇති කන්ටේනර් රථය පසුව නවතා තිබු කුඩා ප්‍රමාණයේ ලොරි රථයක, තාප්පයක හා විදුලි කණුවක ගැටී අනතුර සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබු සිව්දෙනා නොච්චියාගම රෝහලට ඇතුළත් කර අසාධ්‍ය තත්වයේ සිටි දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත මාරුකර යවා තිබෙනවා
අනතුර සිදුවු ආකාරය පිළිබඳ මේ වන විට නොච්චියාගම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.