සූර්යබල ක්ෂේත්‍රයේ හරිත රැකියා සදහා සිසුන් පුහුණු කිරීමේ පළමු අදියර අවසන්


ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය එක්ව ක්‍රියාත්මක කරනු ලබන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා පද්ධති (Solar  PV Technology) කාර්මික  ශිල්පී පුහුණු පාඨමාලාවේ NVQ – 04 මට්ටමේ පළමු කණ්ඩායමේ සිසුන් සිය පුහුණුව සාර්ථකව නිම කර තිබෙනවා.

සූර්ය බල , සුලං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමන්ගේ උපදෙස් මත මෙම පුහුණුවට අදාළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත වැඩමුළුව 2021/ 03/15 දින සිට 2021/04/02 දක්වා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ හම්බන්තොට ජාතික සූර්යබල උද්‍යානයේ දී පැවැත්විණ.

මෙරට තරුණ තරුණියන් හට හරිත රැකියා (Green Job) අවස්ථා උදාකර දීම හා ඊට අවශ්‍ය වෘත්තීය මාර්ගෝපදේශනය ලබා දීම මෙහි අරමුණයි.

මෙහි ප්‍රථම අදියර ලෙස ජාතික ආධුනිකත්ව පුහුණු කිරීම් අධිකාරියේ සිසුන් 110 ක් පමණ තෝරාගත්  දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පුහුණු සැසියට සහභාගී විය . මෙම පුහුණු සැසිවල සම්පත්දායකයින් ලෙස ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ඉංජිනේරුවන් හා තාක්ෂණික නිලධාරීන් සහභාගී විය .

මෙම වැඩසටහන මගින් 2021 වසර අවසන් වන විට තාක්ෂණික ශිල්පීන් 500 ක් පමණ පුහුණු කිරීමට අපේක්ෂිතය. ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ අධිකාරිය මගින් පවත්වන NVQ -04 පාඨමාලාව සදහා සාමාන්‍ය පෙළ සමත් තරුණ තරුණියන්  බදවා ගැනේ.

න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුවෙන් යුත් මෙම පාඨමාලාවේ අධ්‍යයන කාලය මාස 6කි. මීට සහභාගී වන සිසුන්  නිවාස වයරින් කිරීමේ සිට සූර්යබල තාක්ෂණය පිළිබද න්‍යායාත්මක කරුණු පිළිබද  දේශනවලට හා සූර්යබල ඒකක ස්ථාපනය පිළිබද  ප්‍රායෝගික ක්‍රියාකාරකම්  ඇතුළත් පස්දින වැඩමුළුවකට ද සහභාගී විය යුතුය. ඉන් අනතුරුව සූර්යබල ඒකක ස්ථාපනය පිළිබද වසරක ප්‍රායෝගික පුහුණුව සදහා සූර්යබල ක්ෂේත්‍රයේ ආයතන වෙත වැටුප් සහිතව  වසරක පුහුණු කාලයක් සදහා අනුයුක්ත කෙරේ. ඉන් අනතුරුව ඔවුන්ට NVQ -04 මට්ටමේ සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා පද්ධති කාර්මික ශිල්පී පුහුණු සහතිකය පිරිනැමේ.

රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමන්ගේ උපදෙස් පරිදි මෙම පාඨමාලාව හම්බන්තොට, ගාල්ල, මාතර, කොළඹ, ගම්පහ, පුත්තලම, නුවරඑළිය, කුරුණෑගල සහ ගල්ගමුව යන ජාතික පුහුණු කිරීම් අධිකාරියේ පුහුණු කිරීම් මධ්‍යස්ථානයන් හීද පැවැත්වීමට නියමිතය. මේවන විටත් මෙම සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා පද්ධති කාර්මික ශිල්පී  පුහුණු පාඨමාලාව හදාරන සිසුන්ට NVQ -05,06,07 යන මට්ටම් දක්වා අඛණ්ඩව අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව හිමිවේ. උපාධි පාඨමාලාවක් ලෙසින් විශ්වවිද්‍යාල සදහා මෙම පාඨමාලාව හදුන්වාදීම පිණිස මෙරට විශ්වවිද්‍යාලවල තාක්ෂණික සහ ඉංජිනේරු පීඨ සම්බන්ධ කරගෙන අධ්‍යයන කටයුතු සිදු කෙරෙමින් පවතියි.

යුරෝපා රටවල මෙන්ම අප්‍රිකාව ඇතුළු විදේශ රටවල මෙම ක්ෂේත්‍රයේ තාක්ෂණික ශිල්පීන් සදහා විශාල වෙළදපොළක් බිහිවී ඇත.  මෙවැනි වෘත්තීය පාඨමාලා මගින් ශ්‍රී ලාංකික  තරුණ තරුණියන්ට විදේශ රැකියාවෙළදපොළ  විවෘත කිරීම ඔස්සේ  මෙරට රැකියා වියුක්තිය අවම කිරීමත්, මෙරටට  විදෙස් විනිමය ගලා එන ප්‍රවේශ මාර්ග පුළුල් කිරීමට කටයුතු කිරීමත් මෙහි අරමුණයි.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: සූර්යබල ක්ෂේත්‍රයේ හරිත රැකියා සදහා සිසුන් පුහුණු කිරීමේ පළමු අදියර අවසන්
සූර්යබල ක්ෂේත්‍රයේ හරිත රැකියා සදහා සිසුන් පුහුණු කිරීමේ පළමු අදියර අවසන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAZQCSJ8Y54BsphMqS5uoXZw4k3MYc1T49CNoPTUzAu4eEHOwzDk9h108N1IqfzBb1IKyxnAaD_soFOBQ6cdEPEopoti_bhuaOunaUw9Wohe8Chu6xZbnHJHCvJO0S-tWMnovs2lvftRA/s16000/Solar.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAZQCSJ8Y54BsphMqS5uoXZw4k3MYc1T49CNoPTUzAu4eEHOwzDk9h108N1IqfzBb1IKyxnAaD_soFOBQ6cdEPEopoti_bhuaOunaUw9Wohe8Chu6xZbnHJHCvJO0S-tWMnovs2lvftRA/s72-c/Solar.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/05/dumindadisanayake-.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/05/dumindadisanayake-.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content