Header Ads

උණුසුම් පුවත්

චීන රෝකට් කැබැල්ල ඉන්දියන් සාගරයට


චීන ලෝන් මාච් රොකට්ටුවේ දැවැන්ත කොටස අද උදෑසන ඉන්දීය සාගරයට කඩා වැටී තිබෙනවා. චීන රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කළේ එය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ මුහුදු තීරයට කඩා වැටී ඇති බවයි. මෑත කාලයේ අභ්‍යවකාශයේ සිට පොළොවට කඩා වැටුණු විශාලතම සුන්බුන් කැබැල්ල ලෙස සැලෙකෙන මෙය ටොන් 18 ක පමණ බරකින් යුක්ත බව සදහන්. චීනය සිය නව අභ්‍යවකාශ මධ්‍යස්ථානය උඩුගුවනට රැගෙන යාම සඳහා යොදා ගත් ලෝන් මාච් ෆයිව් බී රොකට්ටුවේ ප්‍රධාන කොටස මෙලෙස පෘථිවියට කඩා වැටී තිබෙනවා.