Header Ads

උණුසුම් පුවත්

දෙවන දිනටත් ඉන්දියාවේ කොරෝනා මරණ 4000 ඉක්මවයි


අද උදෑසනින් අවසන් වූ පැය 24 තුල ඉන්දියාවෙන් කොරෝනා මරණ 4092ක් වාර්තා වන අතර,ඒ අනූව සමස්ත මරණ සංඛ්‍යාව 242,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

එමෙන්ම, සතියක් තුල පස්වන වරටත් හාරලක්ෂය ඉක්මවූ කොරෝනා ආසාදිතයන් ඉන්දියාවෙන් වාර්තා වනවා. ඒ සමගම එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දෙකෝටි විසි දෙලක්ෂය ඉක්මවා තිබෙනවා.

ඉන්දියාවෙන් කොරෝනා මරණ සහ ආසාදිතයන් මෙලෙස තවදුරටත් ඉහළ යමින් පවතිද්දී රට පුරා රෝහල් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ අර්බුදයකට මුහුණදී සිටින බව සඳහන්. ප්‍රාන්තවලට අවශ්‍ය කරන ඔක්සිජන් සැපයීම සහතික කරලීම අධීක්ෂණය කිරීම සඳහා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ජාතික කාර්ය සාධක බලකායක් ද පත්කර තිබෙනවා.