ලොව ප්‍රමුඛ පෙලේ විදේශ මත්පැන් වලට සමාන වන ලෙස මෙරටදී නිෂ්පාදනය කල ව්‍යාජ මත්පැන් තොගයක් සමග සැකකරුවෙකු අම්බලන්තොට මයුරපුර සිංහ ගම්මානයෙදී අත්අඩංගුවට ගැනීමට අම්බලන්තොට පොලිසිය සමත්ව තිබෙනවා.
එහිදී සිදුකල ප්‍රශ්න කිරීම් වලදී හෙළිවී ඇත්තේ මෙම පුද්ගලයා දේශීය මත්පැන් මිලට ගෙන විදේශිය මත්පැන් වල රසට සහ පැහැයට සමාන වන සේ විවිධ රසායනික ද්‍රව්‍ය යොදා මෙම නිෂ්පාදන සිදු කර ඇති බවයි.
මෙලෙස ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරනු ලබන මත් පැන් ලොව ප්‍රමුඛ විස්කි,බ්‍රැන්ඩි, සන්නාම සටහන් කල බෝතල් වල අසුරා කොළඹට පටවන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.
මෙම වැටලීමේදී මෙලෙස ව්‍යාජ මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා විවිධ රසායනික දව්‍ය සහ උපකරණ තොගයක්ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.
වැටලීම සිදු කිරීමට පෙර මෙහි නිෂ්පාදනය කල ව්‍යාජ මත්පැන් තොගයක් කොළඹට පටවා ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත් අම්බලන්තොට පොලිස් ස්ථානධිපතිවරයා සදහන් කළා.