Header Ads

උණුසුම් පුවත්

සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි


අද රාත්‍රී 12 සිට වහාම ක්‍රියාත්මකවන පරිදි සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. මෙම නියෝගය ලබන 31 වනදා දක්වා වලංගු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කලේ. කෙසේ වෙතත් සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල සිටින පොලිස් නිලධාරීන්ට එම සංචරණ සීමා කාලසීමාව අවසන් වනතුරු ප්‍රදේශයේ රැඳී සිටීමට අවසර හිමිවනු ඇති. අද දින මධ්‍යම රාත්‍රී 12 සිට සංචාරණ සීමා පැනවෙන්නේ අත්‍යාවශ්‍ය ගමන් හැර විනෝද ගමන් සහ වෙනත් ගමනා ගමනය වැලක්වීමට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.