Header Ads

උණුසුම් පුවත්

මීළඟ නීතිපති ලෙස සංජය රාජරත්නම් පත්කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය


මෙරට මීළඟ නීතිපතිවරයා ලෙස වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාව පත්කිරීමට  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කර තිබූ යෝජනාව ඊයේ පාර්ලිමේන්තු සභාව සිය එකඟතාවය පළකළ බව බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සදහන් කළා.

එම රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරු සහභාගී වූහ.