පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරම් කළේ යැයි සැකපිට අත්අඩංගුවටගත් එම කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු සැකකරුවන් 20 දෙනා ලබන 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඒ එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්තාවේය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළ අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 20ක් අධිකරණයට ඉදිරිපත්කර රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර ඉතිරි සැකකරුවන් පිරිස රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.




